News Line| Off Air| Games
Generic placeholder image

Oct
28

ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා ආරක්ෂාව ලබාදෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව පොලීසියෙන් ඉල්ලයි

484 Views


ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා ආරක්ෂාව ලබාදෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව පොලීසියෙන් ඉල්ලයි

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා ආරක්ෂාව ලබාදෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

තැපැල් කාර්යාල වෙත සහ කාඞ්පත් බෙදාහරින අවස්ථාවේදී මෙලෙස ආරක්ෂාව සපයන ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න ඉල්ලීමක් කළ බව සදහන්.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද ආරම්භ වන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් තැපැල්පතිවරයා තවදුරටත් කියා සිටියා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර තවත් සාකච්ඡාවක් හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post