News Line| Off Air| Games
Generic placeholder image

Sep
6

ජනපතිගේ ප්‍රකාශයට ගම්මන්පිලගෙන් ප්‍රතිචාර

637 Views


ජනපතිගේ ප්‍රකාශයට  ගම්මන්පිලගෙන් ප්‍රතිචාර

විපක්ෂයේ මාධ්‍යය හමුවක් අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කලේ ජනපති මෛත්‍රී පාල සිරිසේන මහතා ඊලග ජනපති ධුරයේ බලතල අඩුවීම ගැන කරපු ප්‍රකාශය සාවද්‍ය බවයි.

එමෙන්ම ඊලග ජනපතිවරයාගේ බලතල පිළිබද රටම දැනුවත් කල යුතු බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වගන්තිය උපුටා ගැනීමින් ඒ මහතා පෙන්වා දෙන්නේ විධායක බලය සම්පූරණයෙන් භාර දෙන්නේ ජනාධිපතිට බවත් එමෙන්ම ජනාධිපතිට ඒක ඇමතිවරුන්ට පවරන්න පුළුවන් බවත් කාට හෝ ඒ බලය පැවරුවේ නැතත් ඒ බලය තිබෙන්නේ ජනාධිපතිට බවයි. ඒ නිසා ජනාධිපති විසින් වෙනත් ඇමතිවරයෙකුට පවරන්නේ නැති සියළුම විෂයන් අයිති වන්නේ ජනාධිපතිට වන බවත් ඒ බලය ජනාධිපතිට ලැබුණේ 4 වගන්තියෙන් වන බවද ප්‍රකාශ කළා. එමෙන්ම අනාගත ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශය අනිවාර්යෙන් තමන් ළඟ තබා ගත යුතු බවද පැවසු ඒ මහතා කාට හෝ දෙන්න ගියොත් එයම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වෙන් බවයි පැවසුවේ විශේෂයෙන්ම එය දෝෂාභියෝගයක් ගෙන ඒමට පදනම් කාරණයක් බවට පත්වෙනවා


News Articles
Latest Videos
Most Popular Post