News Line| Off Air| Games
Generic placeholder image

Apr
24

ජනපති ජාතිය අමතයි, ඉදිරි පැය 24 තුල රටේ ආරක්ෂක අංශ මුල්පුටු වෙනසක්

733 Views


ජනපති ජාතිය අමතයි, ඉදිරි පැය 24 තුල රටේ ආරක්ෂක අංශ මුල්පුටු වෙනසක්

ඉදිරි පැය 24 තුල ප්‍රධාන වශයෙන් රටේ ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ වෙනසක් සිදුකිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ ජාතිය අමතා ප්‍රකාශ කර සිටියා.

රටේ ජනතාව අතර මෙන්ම මාධ්‍ය අතර සංවාදයට තුඩු දුන් විදේශ රටක බුද්ධි අංශ විසින් මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදුන් බව කියන බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් පුර්ණ ලෙස වගකීම් පැහැර හැරීමේ සිදුවීම ගැන මාගේ අවධානය යොමු කර තිබෙනවා. එහිදී මේ සම්බන්ධයෙන් නිසිලෙස කටයුතු නොකළ නිලධාරීන්ට එරෙහිව මා පියවර ගන්නා බවත් ඉදිරි සතියක කාලය තුලදී රටේ ආරක්ෂක අංශ මෙන්ම බුද්ධි අංශ තුල ප්‍රතිසංවිධානයක් කිරීමට තමන් කටයුතු කරන බව ජනාධිපතිවයා පවසා සිටියා.

1980 න් පස්සේ රටේ සිංහල ජනතාව දමිළ ජනතාව දිහා බැලුවේ සැකයෙන්. පසුව කල් ගත වන විට සිංහල වැසියන් තේරුම් ගනු ලැබුවා දමිළ ජනතාව සියලු දෙනා ත්‍රස්තවාදීන් නොවන බව. මා ඉල්ලා සිටිනවා සිංහල සහ දමිළ ජනතාවට මුස්ලිම් ජනතාව දිහා සැකයෙන් නොබලන ලෙස. සමස්ත මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් නොවන බවත් ඉතා සුළු පිරිසක් අන්තවාදී කටයුතු වල යෙදී සිටින බවත් සියලු ජනකොටස් එක්ව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සැමගෙන් ඉල්ලීමක්ද කලා.

මිලේච්ජ එල්ටිටිඊ ත්‍රස්තවාදීන්ගේ යුද්ධය සම්බන්ධයෙන් වසර 27ක 28ක දීර්ඝ කාලින අත්දැකීම් අපට තිබෙනවා. එම කාලය තුලදී සිදුවූ විනාශයන් පිළිබදව මා ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ වසර ගණනාවක් තිබු අත්දැකීම් 2009 වර්ෂයේදී අවසන් වී මේ වෙනකොට වසර 10ක කාලයක් ගතවී තිබෙනවා. මේ වසර 10 ක කාලය තුල මේ රටේ නිදහස් සාමකාමි සාමාජයක් පැවතුනා.විශේෂයෙන් මා සදහන් කරන්න ඕනේ පසුගිය 2015 වර්ෂයේ ජනවාරි මස 08 වෙනිදා සිට මේ දක්වා වසර 04ක කාලයක් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස මාධ්‍ය නිදහස භුක්තිවිදී කාලයක් බව ඔබ සියලු දෙනාම දන්නවා.පසුගියදා සිදුවූ මේ මහ ජාතික ඛේදවාචකය අපි කිසිසේත් බලාපොරොත්තු වුයේ නැහැ. මෙහි සත්‍ය තත්ත්වය රටේ ජනතාවට පැහැදිලි කිරීම මගේ වගකීමක් සහ යුතුකමක් වනවා.

මෙම ත්‍රස්තවාදී ව්‍යාපාරය සම්බන්ධයෙන් 2017 වසරේ සිට අපේ ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබුනා. විදේශ රටවල ත්‍රස්ත සංවිධාන සමග එක්ව ඔවුන් පුහුණුවන බවත් යම් යම් මාර්ගෝපදේශ ලබන බව අපට පෙනී ගියා. අපේ ආරක්ෂක අංශ මෙම කණ්ඩායම පිළිබදව තොරතුරු සොයමින් විමර්ශනයෙන් කල් ගත කළා. මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට තරම් අවශ්‍ය තොරතුරු සහ සාක්ෂි අපගේ ආරක්ෂක වෙත තිබුනේ නැහැ.ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වූ පසුගිය වසර තුනක කාලය තුලදී මෙම සංවිධානයට අයත් පිරිස සමබන්ධයෙන් සහ ඔවුන්ගේ විදෙස් ගමන් බිමන් සම්බන්ධයෙන් අප අවධානයෙන් පසුවුවා. එහෙත් ඒ තත්ත්වය තුල අප කිසිසේත් බලාපොරොත්තු නොවූ අවස්ථාවක මේ රටේ ඇති කළ මහා මිනිස් සංහාරය ගැන මා යලිත් වරක් ජාතිය ඉදිරියේ මගේ ශෝකය පළකරනවා.

මේ සිදුවීමෙන් පසු රටේ කිතුනු ජනතාව ඔවුන් තුල තිබු ඉවසීම විනය සහ සංයමය ගැන විශේෂයෙන් සදහන් කළ යුතුයි. අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළුව කිතුනු පුජකතුමන්ලා රටේ ගැටුම් ඇති නොකර මනා සංයමයකින් යුතුව කටයුතු කිරීම ගැන සමස්ත කිතුනු ජත්වාට මගේ ප්‍රණාමය පුද කිරීමට කැමැත්තෙමි.ඉදිරියේ ඇත්තේ ලැබූ වේදනාකාරී අත්දැකීමත් සමග හෙට දවස මේ රට නිදහස් සාමකාමී පරිසරයක් ඇති කිරීමේ ක්‍රියාවලියයි. ඉදිරි සතිය තුල රටේ ආරක්ෂක අංශවල ප්‍රතිසංවිධානයකට ලක් කරනවා. ඊයේ දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයේ රැස්වීමේදී මේ ගැන සාකච්ජා කරනු ලැබුවා. විදේශ බුද්ධි අංශ විසින් ලබා දුන් තොරතුරු සම්බන්ධයෙන් අදාළ නිලධාරින් මා වෙත කිසිදු දැනුවත් කිරීමක් කර තිබුනේ නැහැ.

මෙම සිදුවීම ඇති වූ අවස්ථාවේ පොලිසිය ඇතුළු සමස්ත ආරක්ෂක අංශ අසරණ ජනතාව වෙනුවෙන් කටයුතු කළ ආකාරය ගැන මගේ ගෞරවය පුද කරනවා.මේ වන විට විදේශ රටවල් ගණනාවකින් ත්‍රස්තවාදි ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට සහය ලබා දීමට එකඟ වෙලාඅ තිබෙනවා. අපට මේ දක්වා තිබුනේ රට තුල ඇතිවූ එල්ටිටිඊ ත්‍රස්තවාදී සංවිධානය සහ මේ ත්‍රස්තවාදී කණ්ඩායම සම්බන්ධයෙන් අප හදවතින් නොවෙයි බුද්ධියෙන් කටයුතු කළ යුතුයි. එදා අපි මුහුණදුන් ප්‍රභාකරන්ගේ එල්ටිටිඊ ත්‍රස්තවාදී සංවිධානයට වඩා බලවත්වූ විදෙස් ත්‍රස්ත සංවිධානයක් මේ සිදුවීම් පිටුපස සිටිනවා.

මේ නිසා විදේශ රටවල භාවිතා කරන නවීන තාක්ෂණයේ සහය ලබාගෙන මෙම ත්‍රස්තවාදී ව්‍යාපාරයට එරෙහිව කටයුතු කිරීමට අප පියවර ගන්නවා.විදෙස් ත්‍රස්තවාදී සංවිධානයක් අප රට මේ ආකාරයෙන් තෝරා ගනු ලැබුවේ කුමන හේතුවක් නිසාද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම වැදගත්.


News Articles
Latest Videos
Most Popular Post