News Line| Off Air| Games
Generic placeholder image

Oct
22

ජනපති සහ ජපාන හිටපු අගමැති යෂුවෝ ෆුකූඩා අතර හමුවක්

451 Views


ජනපති සහ ජපාන හිටපු අගමැති යෂුවෝ ෆුකූඩා අතර හමුවක්

ජපානයේ තුන්දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජපාන හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකූඩා අතර හමුවක් අද ටෝකියෝ නුවරදී පැවැත්වුණා.

ජනාධිපතිවරයා නවාතැන්ගෙන සිටින හෝටලය වෙත පැමිණි හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුලූ පිරිස දෙරට අතර මිතුදම ශක්තිමත් කරගැනීමට සහ සබඳතා ඉහළ නංවාගැනීමට ජනාධිපතිවරයා කළ මෙහෙවර පිළිබඳ ප්‍රශංසා කර තිබෙනවා.

ත්‍රස්තවාදය මැඩලීම සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද මෙහිදි සාකච්ඡාවට ලක්ව ඇති අතර, මෙරට සංවර්ධන සහ ආර්ථික අභිලාෂයන් ඉටුකරගැනීමට ජපාන රජය ලබාදුන් විශේෂ සහයෝගයටද ජනාධිපතිවරයා ස්තූතිය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මේ අතර ජපානයේ නව අධිරාජයා ලෙස නරුහිතෝ කුමරු අභිෂේක ගැන්වූ උත්සවයටද ජනාධිපතිවරයා අද එක්වූ අතර රටවල් 180 කට අධික සංඛ්‍යාවක රාජ්‍ය නායකයින් හා ප්‍රභූවරුන් එක්ව සිටි එම උත්සවය පැවැත්වුණේ ටෝකියෝ නුවර ඉම්පීරියල් මාලිගයේදියි.


News Articles
Latest Videos
Most Popular Post