News Line| Off Air| Games
Generic placeholder image

Oct
2

ජනපති සහ බැසිල් අතර තවත් හමුවක්

473 Views


ජනපති සහ බැසිල් අතර තවත් හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර තවත් හමුවක් ඉදිරි දින දෙක තුළදී සිදුවීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගෙන් සිදුකළ විමසීමකදී ප්‍රකාශ කළා.

මෙම හමුවේදී නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර, සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් විශේෂ කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට නියමිතයි.

පෙරේදා දිනයේ ද ජනාධිපතිවරයා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් සිදුවුණා. ඉදිරි හමුවේදී සාකච්ඡා වන කරුණු එළඹෙන 5 වනදා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වන අවස්ථාවේ දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කිරීමට නියමිත බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post