News Line| Off Air| Games
Generic placeholder image

Mar
30

ජනප්‍රිය පාසල් සංස්කෘතිය වෙනස් විය යුතු බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

1157 Views


ජනප්‍රිය පාසල් සංස්කෘතිය වෙනස් විය යුතු බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

නගරයේ පාසල්වලට පමණක් සම්පත් ලබා දීම මගින් ඇති වූ ජනප්‍රිය පාසල් යන සම්මතය පරිවර්ථනයකට ලක් විය යුතු කාලය එළඹ ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පල කළේ පොළොන්නරුව සීවලී ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ උත්සව අවස්ථාවකට එක්වෙමින්.

පොළොන්නරුව හතර ඇල සීවලී ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් මහත් සෙනෙහසින් පිලිගත්තා.  අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර පන්ති කාමර  ගොඩනැගිල් සිසු අයිතියට පවරා දීමෙන් අනතුරුව එහි නිරීක්ෂණ චාරිතාවක නිරත වුණා. මෙහිදී දිස්ත්‍රික්කයේ පාසල් සදහා පුස්තකාල පොත් කට්ටල ප්‍රදානය සහ අඩු ආදායම් ලාභී පවුල් සදහා නිවාස හිමිකම් ලබාදීම ඇතුළු වැඩසටහන් කිහිපයක්ද ක්‍රියාත්මක වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර  ලගම පාසල හොදම පාසල ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව කදුරුවෙල නගර මහා විද්‍යාලයේ ඉදිකරන ලද තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ පාසලේ සිසු දරුවන් විසිනු. පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා එහි සිසු ක්‍රියාකාරකම්ද නිරීක්ෂණය ලක් කළා. එහිදී ද පාසල් පුස්තකාල පොත් කට්ටල සහ අඩු ආදායම් ලාභී පවුල් සදහා නිවාස හිමිකම් ප්‍රදානයද සිදු කළා.

පොළොන්නරුව තෝපා වැව මහ විද්‍යාලයේ තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමේ අවස්ථාවට ද ජනාධිපතිතුමා එක් වුණා. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ විද්‍යාලය වෙත අංග සම්පූර්ණ තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ලක්  ලබාදීමට පියවර ගෙන තිබුණා. සමරු ඵලකය නිරාවරණය කර පන්ති කාමර ගොඩැනිගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. එහිදී සංගීත ඒකකයේ සිසුන්ගේ දක්ෂතා දැක බලාගැනීමට එක් වූ ජනාධිපතිතුමා ඔවුන් සමග ගීත ගායනයකටද එක්වුණා. අනතුරුව ජනාධිපතිතුමා උත්සව සභාව ඇමතුවා.


News Articles
Latest Videos
Most Popular Post