News Line| Off Air| Games
Generic placeholder image

Oct
24

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි භාර ගැනීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඒකකයක්

1275 Views


ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි භාර ගැනීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඒකකයක්

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැමිණිලි භාර ගැනීමේ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ කඩ කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙම පැමිණිලි භාර ගැනීමේ ඒකකය පිහිටුවා ඇති බව සදහන්.

පැය 24 පුරා ක්‍රියාත්මක එම ඒකකයට 1996 ක්ෂණික අංකය අමතා පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම, 0112 50 55 74 යන අංකයට ෆැක්ස් මගින් ලිඛිත පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post