News Line| Off Air| Games
Generic placeholder image

Oct
4

ජනාධිපතිවරණයේ වියදම කෝටි 450 ඉක්මවයි

527 Views


ජනාධිපතිවරණයේ වියදම කෝටි 450 ඉක්මවයි

ජනාධිපතිවරණය සදහා රුපියල් මිලියන 4500 ක් වැය වන බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසනවා.ඉදිරිපත් වන අපේක්ෂකයින් තවත් වැඩි වුවහොත් මෙම මුදල ද ඉහළ යනු ඇති බවයි ඔහු සදහන් කලේ.

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡුන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන් වනවා. මැතිවරණ කොමිසම සඳහන් කළේ අද මධ්‍යම රාත‍්‍රිය දක්වා තමන් අයත් දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කාර්යාලය වෙත තැපැල් ඡුන්ද අයැදුම්පත් භාර දිය හැකි බවයි.
ජනාධිපතිවරණයට මේ වන වට ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් ගණන 23 ක් ඇප මුදල් තැන්පත් කල අපේක්ෂකයින්ගේ නියෝජිතයින් ලබන 06 වනදා මැතිවරණ කොමිසමට කැදවා තිබෙනවා.
නාම යෝජනා දින පැමිණිය හැකි නියෝජිතයන් සංඛ්‍යාව හා දැන්වීම් ප‍්‍රචාරය පිළිබදව මෙහිදී දැනුවත් කරනු ඇතී. මෙම සාකච්ඡුාවට එක් වන ලෙස පොලීසියේ ජ්‍යේෂ්ඨ නිළධාරීන්ට ද දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ කාල සීමාව 06 වනදා මධහ්න 12 ට අවසන් වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post