News Line| Off Air| Games
Generic placeholder image

Mar
7

ජනාධිපති කොමිසම පැමිණිලි භාර ගැනීම අදින් අවසන්

462 Views


ජනාධිපති කොමිසම පැමිණිලි භාර ගැනීම අදින් අවසන්

රජයේ ආයතන වල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳව සොයා බැලීමට පත් කල ජනාධිපති කොමිසම පැමිණිලි භාර ගැනීම අදින් අවසන් කිරීමට නියමිතයි.

එහි පැමිණිලි භාර ගැනීම ආරම්භ කලේ පසුගිය 08 වනදා යි

2015 සිට 2018 වසර දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබ`ද සොයා බැලීමට ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා විසින් මෙම කොමිසම පත් කරනු ලැබුවා

ලැඛෙන පැමිනිලි කඩිනම් අපක්ෂපාතී, පු`ථල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිෂන් සභාවේ කාර්යභාරයයි.

එම වැරදි සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් හ`දුනා ගැනීම හා සාක්ෂි එක් රැස් කිරීම ද මෙම කොමිෂන් සභාව තුලින් සිදු වනු ඇති.

කොමිෂමේ පළමු අතුරු වාර්තාව මාස 03 ක් ඇතුළතත්, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස 06 ක් ඇතුළතත් ජනාධිපතතුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔස්ටේ්‍රලියාවෙන් කිරි ගවයින් ආනයනය කිරීමේදි සිදු වූ බව කියන වාංචාව සම්බන්ධයෙන් ලැබුණු පැමි‚ල්ල මූලික විමර්ශනය සඳහා යොමු කිරීමට රාජ්‍ය ආයතන වල වංචා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම තීරණය කර තිඛෙනවා

අදාළ පැමිණිල්ල යොමු කර ඇත්තේ කිරි ගොවීන් 25 දෙනෙකුගේ අත්සන් සහිතවයි

ග්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍යංශය මගින් කිරි ගවයින් 200 00ක් ආනයනය කිරීමට ගිවිසුම්ගත වී ගොවීන් වෙත ඛෙදා දුන් කිරි ගවයින් ප්‍රමිතියෙන් තොර බව අදාළ පැමිණිල්ලේ දැක්වෙනවා

මේ හේතුවෙන් තමන් වැය කළ මුදල් වලින් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකි වූ බව එහි සදහන්


News Articles
Latest Videos
Most Popular Post