News Line| Off Air| Games
Generic placeholder image

Oct
12

ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රධාන ජලාශ 06 ක ජල මට්ටම ඉහළට

720 Views


ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රධාන ජලාශ 06 ක ජල මට්ටම ඉහළට

ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රධාන ජලාශ 06 ජල මට්ටම සියයට 71 යි දශම 05 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කාසල්රි ජලාශයේ ජල මට්ටම සියයට 100 ක් දක්වා ඉහළ යෑම හේතුවෙන් එහි වාන් දොරටු විවෘත කර ඇති බවයි විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ.

අක්කර අඩි හැට අටදහසක වපසරියකින් යුත් කාසල්රි ජලාශය වාන් දමා ඇත්තේ වසරකට පමණ පසුවයි.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සියයට 97 යි දශම 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජලාශ වල ජල මට්ටම වැඩි වීම හේතුවෙන් ජල විදුලි නිශ්පාදනය සියයට 45 දක්වා වැඩිවී ඇති බවයි විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post