News Line| Off Air| Games
Generic placeholder image

Feb
20

ජා-ඇල මුතුරාජවෙල වගුරු බිම ආශ්‍රිතව පවත්වාගෙන ගිය නීති විරෝධී ස්ප්‍රීතු පෙරීමේ මධ්‍යස්ථානයක් වටලයි

1084 Views


ජා-ඇල මුතුරාජවෙල වගුරු බිම ආශ්‍රිතව පවත්වාගෙන ගිය නීති විරෝධී ස්ප්‍රීතු පෙරීමේ මධ්‍යස්ථානයක් වටලයි

2019.02.20 වන දින අලුයම ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් දින තුනක ප්‍රයත්නයකින් පසු ජා-ඇල, පුඩැල්ල ප්‍රදේශයේ මුතුරාජවෙල වගුරු බිම ආශ්‍රිතව මහා පරිමාණයෙන් පවත්වා ගෙන ගිය නිති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් නීති විරෝධී මත්පැන් සහ මත්පැන් නිපදවීමට යොදාගන්නා උපකරණ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්විය.

02. මෙම ප්‍රදේශය වගුරුබිම් සහ ඇල මාර්ගයකින් වෙන් වූ ප්‍රදේශයක් වන බවත් එම ස්ථානයට ලගාවිය හැක්කේ ඔරුවක ආධාරයෙන් පමණක් වීම සුවිශේෂී කරුණක් වේ. එමෙන්ම එක් දිනකට මොවුන් බැරල් 13ක් පෙරන බවත් අනාවරණය වී ඇති අතර එමගින් ඉතා සූක්ෂම ලෙස මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇත. එහි දී නීති විරෝධී ලෙස පෙරන ලද මත්පැන් බෝතල 1800 ක් එනම් නිති විරෝධී මත්පැන් ලීටර් 1350 ක්, නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සදහා භාවිතා කරන ගෝඩා බැරල් 30 ක් එනම් ගෝඩා ලීටර් 7500 ක් මෙන් ම ඒ සදහා යොදාගන්නා දගර 15ක් සමග පුද්ගලයන්
දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

03. මෙම ග්‍රහණය සිදුකිරීමේදී සැකකරුවන් පැනයාමට තැත් කර ඇති අතර ඔවුන් අල්ලා ගැනීමට යාමේදී එක් නිළධාරියෙක් උණු ගෝඩා පිරුණු වලකට වැටීමෙන් දණහිසෙන් පහල කකුල් දෙක බරපතල පිලිස්සුම තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර ඇති අතර එහි නේවාසිකව ප්‍රතිකාර ලබයි.

04. ශ්‍රී ලංකාව තුල මෙවැනි නීති විරෝධී මත්පැන් ව්‍යාප්තිය රජයට ලැබිය යුතු විශාල බදු ප්‍රමාණයක් අහිමි විම හේතුවෙන් රජය අපේක්ෂිත නියමිත සුරා බද්ද දිගින් දිගටම අඩු වීමේ අවධානමකට ලක් වී ඇත.

05. මෙම අත්අඩංගුවට ගන්නා ලද මත්පැන් වල සහ එම භාණ්ඩ වල සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 20 කට අධික බව සුරාබදු දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් ගණන් බලා ඇත.

06. සුරාබදු කොමසාරිස් ජනරාල් ආර්.සේමසිංහ මහාතාගේ හා සුරාබදු කොමසාරිස් නීති ක්‍රියාත්මක කිරීම එම්.ඩී.එම්.ඩබ්.කේ.දිසානායක මහතාගේත්, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) කපිල කුමාරසිංහමහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරී (විශේෂ මෙහෙයුම් ඒකකය) චන්න වීරක්කොඩි මහතාගේ අධීක්ෂණය යටතේ සුරාබදු ස්ථානාධිපති(විශේෂ මෙහෙයුම් ඒකකය) ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එම්.හේමන්ත මහතාගේ මෙහෙයවීම මත එම ඒකකයේ නිළධාරීන් වන සුරාබදු පරීක්ෂක ජී.පී.රණවීර, ලසන්ත සංජීව මානන්නඋතුම්, අමිල සේනානායක යන මහත්වරුන් සහ සුරාබදු නියාමක ශාලිත නිලුපුල්, එන්.ටී.සී.කුරේ, මනෝජ්, ධම්මික කුමාර, දිනේශ් යන නිළධාරීන් සහ සුරාබදු රියදුරු එදිරිසිංහ, මනමේන්ද්‍ර යන අය විසින් මෙම වැටලීම සිදු කරන ලදී.

07. මේ පිළිබද වැඩිදුර විස්තර දුරකථන අංක 077-3 981 601 අමතා සුරාබදු ස්ථානාධිපති(විශේෂ මෙහෙයුම් ඒකකය) ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එම්.හේමන්ත මහතාගෙන් ලබා ගත හැක.


News Articles
Latest Videos
Most Popular Post