News Line| Off Air| Games
Generic placeholder image

Sep
30

ජැක්සන් ඇන්තනී ගැන ඇසෙන සුබ ආරංචිය

3280 Views


ජැක්සන් ඇන්තනී ගැන ඇසෙන සුබ ආරංචිය

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා පසුගිය අවුරුද්දේ හදීසි අනතුරකට ලක්ව හේ වන විට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

ඔහුගේ තත්ත්වය ගැන මාධ්‍යය මගින් විවිධ තොරතුරු හුවමාරු වන පසුබිමක ඔහුගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර ඇන්තනී ඔහුගේ අලුත්ම තත්ත්වය ගැන දැක්වුවේ මෙවන් අදහසක්,

”….දැන් අපි අවුරුද්දක් විතර ලොකු මෙහෙයුමක ඉන්නවා.විවිධ කතන්දර තියෙනවා. අපිට ඒවා අදාළ නෑ.හේතුව අපි කරන ක්‍රියාවලිය, මං කියන්නෙ දෙමව්පියෝ වෙනුවෙන් කරන දේවල් කියවන්නෙ නෑ.ජැක්සන් ඇන්තනී කියන්නෙ වැඩ ගොඩක් කරන මනුස්සයෙක්නෙ ඒත් අහලා බැලුවොත් එහෙම, හැම පවුලේ කටයුත්තකටම අපේ නෑදෑයෝ ඔක්කොගෙම අපේ අම්මගෙ අම්ම ද හැම කෙනෙක්ම බලන්න එක්කන් ගියා.යන හැම වෙලාවකම කියපු දේ තමයි මේවා දකිනකොට තමයි අපේ ළමයි අපිව බලාගන්නෙ කියලා.මේ වෙලාවෙ අපි කරන දේවල් සියල්ලම දෙමව්පියෝ වෙනුවෙන් කරන දේවල් හින්දා ඒවා මහ ලොකු වැඩ නෙවෙයි.
මට ප්‍රශ්න කෝටියක් තියෙනවා කියලා උදේට ශූටින්වලට ගිහින් කියනවා නම් මම ඊයේ අරෙම මෙහෙමයි කියලා ඒකෙන් වැඩක් නෑ.ඒ හින්දා දෙමව්පියෝ වෙනුවෙන් කරන දේවල්වත් කිසිම දෙයක් එහෙම කතා නොකරන හේතුව, ඒක අපේ ගුණයක් කියලා නොදන්නා අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.ඒ හින්දා එක එක දේවල් කියනවා. ඒවට රැවටෙන්න එපා.අනේ, අපි පොඩි පොඩි දේවල්වලට සතුටු වෙන්නෙ.ඇස් පිල්ලම් ගහන්නෙ නැතුව ඉඳලා ඇස් පිල්ලමක් ගහනවා කියන්නෙ හොඳයි නෙවේද ඇඟිලි හොලවන්නෙ නැතුව ඉඳලා ඇඟිලි හොලවනවා කියන්නෙ හොඳයි නෙවේද හෝර්මෝන් ඇඟේ වැඩ කරන්නෙ නැතුව ඉඳලා හෝර්මෝන් දැන් වැඩ කරන්න පටන් ගන්නවා කියන්නෙ හොඳයි නෙවේද අපි ටික ටික අප්පච්චිව හොඳ කරගෙන යනවා…කරලා පෙන්නන්නම් එදාට කතා කරමු…”


News Articles
Latest Videos
Most Popular Post