News Line| Off Air| Games
Generic placeholder image

Feb
21

ටෙස්ට් තරග ජයගත හැකි කණ්ඩායමක් අවශ්‍යයි

693 Views


ටෙස්ට් තරග ජයගත හැකි කණ්ඩායමක් අවශ්‍යයි

ටෙස්ට් තරග ජයගත හැකි කණ්ඩායමක් අවශ්‍ය බවත් තරග පැරදුණ විට විශාල ගැටලු ඇතිවෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.

අද (21දා) අරලිය ගහ මන්දිරයේ පැවැති වැඩසටහනකදී ඔහු හේ බව පැවැසීය.

“රටේ සමාජය දියුණු කරන්නනම් මහාචාර්යවරු ඕන. ටෙස්ට් මැචි දිනන්න පුළුවන් ක්‍රිකට් කණ්ඩායමක් ඕන. මහාචාර්යවරු හිටියා හොඳම විශ්වවිද්‍යාල තිබුණා කියලා අපේ අය සෑහීමකට පත්වෙන්නේ නෑ.

හැම වෙලාවෙම බලයි ටෙස්ට් මැච් එකේ, පන්දුවාර තරග මැච් එකේ විස්සයි20 මැච් එකේ අපි දිනනවද කියලා. විශ්වවිද්‍යාල පිරිහුණාම ඒ ගැන විශාල ප්‍රශ්ණයක් තිබෙනවා. මැච් එක දිනන්න බැරි වුණොත් ඊටත් වඩා ප්‍රශ්ණයක්. ”

එසේම ශ්‍රී ලංකාවට තවත් උපාධිධාරීන් ලක්ෂ තුනක් අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය. උපාධිධාරීන් වැඩි වශයෙන් බිහිවුවහොත් රට මුහුණ දී තිබෙන ණය අර්බුදය විසඳා ගැනීම පහසුවන වන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට රට තුළ සිටිනුයේ උපාධිධාරීන් ලක්ෂයක් පමණක් බවද ඔහු පවසා සිටියේය.

අධ්‍යාපනය සඳහා වෘත්තීය ප්‍රවේශය – දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන හඳුන්වා දීම සඳහා අරලියගහ මන්දිරයේදී මෙම වැඩසටහන පැවැත්විණ.


News Articles
Latest Videos
Most Popular Post