News Line| Off Air| Games
Generic placeholder image

Mar
21

තද වැසි සහ උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇගවීම් 02ක්

1333 Views


තද වැසි සහ උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇගවීම් 02ක්

උණුසුම් කාලගුණය සහ අකුණු සහිත තද වැසි සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීම් දෙකක් නිකුත් කර තිබෙනවා.

උණුසුම් කාලගුණ තත්ත්වය අපේක්ෂා කෙරෙන්නේ වයඹ පළාත මෙන්ම මන්නාරම සහ මොණරාගල යන දිස්ති‍්‍රක්කවලටයි.

මිනිස් සිරුරට දැනෙන තරම් උණුසුම් කාලගුණික තත්ත්වයක් හෙට දිනය තුළ අපේක්ෂා කරන බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙයසි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් මෙන්ම ගාල්ල, මාතර හා කුරුණෑගල යන දිස්ති‍්‍රක්කවලට අකුණු සහිත තද වැසි අපේක්ෂා කරන බවයි ප‍්‍රකාශ කෙරුණේ.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක තද වැසි ඇතිවිය හැකි බවත්, පැයට කිලෝ මීටර් 80ක තරම් තද සුළං ඇතිවිය හැකි බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post