News Line| Off Air| Games
Generic placeholder image

Jan
21

තම ආදරණීය බිරිඳ ගැන රුවන් තැබූ සටහන

497 Views


තම ආදරණීය බිරිඳ ගැන රුවන් තැබූ සටහන

රුවන් සහ ශෙරිල් කියන්නේ ‍යුවළ කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ ආදරණීය යුවලක්.

පසුගිය දිනක සමාජ මාධ්‍යයේ මොවුන් දෙදෙනා පිළිබඳ නිර්මාණය වූ එක්තරා පෝස්ටුවක් ගැන රුවන් හෙට්ටිආරච්චි ඔහුගේ සමාජ මාධ්‍යය ගිණුමේ ආදරණීය සටහනක් තබා තිබුණා.

ඒ සටහන පහතින් බලන්න,

මේ පෝස්ටර් එක ගොඩක් දෙනෙක් මට එවලා තිබුනා, ඇත්තෙන්ම මේ පෝස්ටර් එක මුලින්ම පළකරපු කෙනාට මම ස්තුතියි වන්ත වෙනවා. එය සැබෑවටම ඇත්තක්. මගේ බිරිද ෂෙරිල් මාව විවාහා වුන දවසේ ඉදන් අද වෙනකන් මගෙත් එක්ක ජීවත් වෙනවා. ඇත්තටම එයාට තියන ලස්සනත් එක්ක කිව්වා වගේ ඕනෑම තරම් කෝටිපතියකු හොයාගන්න තිබුනා.
මෙම පෝස්ටර් එක අද මට එයා උදේ පෙන්නූ වෙලාවේ මම ඇහුවා ෂෙරිල්ගෙන් ඇයි ඇත්තටම ඔයා මට කැමති වුනේ කියලා. එයා කිව්වේ මම ඔයාට ආදරේ ඇති වුන නිසයි එහෙම නැත්නම් සල්ලි වලටනම් ඕන කෙනෙක් ගාවට යන්න තිබ්බා කියලා මට උත්තර දුන්නා. ඉතින් ඇත්තටම එයා මට ලොකු හයියක්, සැබවින්ම දිනක මම කෝටිපතියෙක් උනොත් එම සාර්ථකත්වයේ පිටුපස ඉන්නේ මගේ බිරිඳ ෂෙරිල් ❤️ ( පොඩ්ඩක් ඉතින් කොච්චි කරල තමා 🌶️😄 )


News Articles
Latest Videos
Most Popular Post