News Line| Off Air| Games
Generic placeholder image

Mar
12

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගනියි

1097 Views


තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගනියි

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා (ස්වාධින) අද (12) එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගත්හ.

එක්සත් ජාතික පක්ෂ නායක හා අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ අතින් පාර්ලිමේන්තු සංකිර්ණයේදි අශෝක සේපාල මහතා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගනු ලැබුහ.

අශෝක සේපාල මහතා එක්සත් ජාතික පක්ෂයේ ලිදුල කොට්ඨාශ සංවිධායකවරයා වශයෙන් ඉදිරියේදි  කටයුතු කිරිමට නියමිතය.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහනය වෙනුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් විශාල මෙහෙවරක් සිදු කල අශෝක සේපාල මහතාට ඉකුත් පලාත් පාලන මැතිවරණයේදි තලවකැලේ ලිදුල නගර සභාවට තරග කිරිම සදහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා නොලැබිම නිසා අශෝක සේපාල මහතා ස්වාධිනව තරග කර එම නගර සභාවේ සභාපතිවරයා වශයෙන් තේරි පත්විය.

අශෝක සේපාල මහතා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගන්නා අවස්තාවට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතා, නුවරඑලිය මහා නගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතා ඇතුළු තලවකැලේ ලිදුලනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන්ද සහභාගි වි සිටිහ.


News Articles
Latest Videos
Most Popular Post