News Line| Off Air| Games
Generic placeholder image

Oct
30

තැපැල් ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක්

448 Views


තැපැල් ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක්

හෙට (31) සහ අනිද්දා (01) පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ තැපැල් ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සෑම පොලිස් ස්ථානයක්ම දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළා.

ඒ අනුව පොලිස් ජංගම, යතුරුපැදි සහ පාමුර සංචාර මගින් අදාළ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වෙත ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව විශේෂ ආරක්ෂාවක් ඉල්ලා ඇති මධ්‍යස්ථාන වෙත අදාළ කරුණු සලකා බලා විශේෂ ස්ථානගත ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බවද රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post