News Line| Off Air| Games
Generic placeholder image

Oct
31

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු දිනය අවසන්

432 Views


තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු දිනය අවසන්

මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු දිනය අද පස්වරු 4.15ට අවසන් වුණා.

අද දිනයට අදාළව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුකෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙටත් සිදුකිරීමට නියමිත අතර පොලීසිය, මැතිවරණ ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආදී සේවයේ නියුතු තැපැල් ඡන්ද දායකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කර ඇත්තේ නොවැම්බර් 4, 5 යන දෙදිනයි.

එමෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයින්ට නොවැම්බර් 7 වනදාද, තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලය තුළ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post