News Line| Off Air| Games
Generic placeholder image

Apr
10

දකුණු පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්

418 Views


දකුණු පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්

දකුණු පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වනවා. ඒ අනුව එම පළාත් සභාවේ බලය පළාත් ආණ්ඩුකාරවරයා යටතට පැවරෙනු ඇතී.

පළාත් සභා රැසක කාලය මේ වන විට අවසන් වී තිබෙනවා. නැගෙනහිර , උතුරු මැද සහ සබරගමුව පළාත් සභා නිල කාලය අවසන් වුනේ 2017 වසරේදී යි.

වයඹ හා උතුරු පළාත් සභාවේ නිල කාලය 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වුණා. බස්නාහිර පළාත් සභාවේ නිල කාලය 21 වැනිදා අවසන් වීමට නියමිතයි.

ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වන්නේ ලබන සැප්තැම්බර් මාසයේ දීයි. පලාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය පදනම කුමක්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනධිපතිතුමා වෙත පසුගියදා ලිපියක් යොමු කළා.

සීමා නිර්ණ වාර්තාව නොමැති විට දී පැරණි සීමා නිර්ණ වාර්තාවට අනුව පලාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබේද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කළ හැකි බව මැතිවරණ කොමිසමේ අදහස වී තිබෙනවා.

ආණ්ඩුුක්‍රම ව්‍යවස්ථාවේ 33 – 1 ඩී වගන්තියට අනුව මැතිවරණ කොමිසමේ උපදේශ මත ජනාධිපතිතුමා විසින් මැතිවරණය පැවැත්වීමට අදාළ වාතාවරණය සකස් කළ යුතුයි.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත අදාළ ලිපිය යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post