News Line| Off Air| Games
Generic placeholder image

Mar
14

දකුණු හා සබරගමු පළාතේ වැඩ ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු පත් කරයි

538 Views


දකුණු හා සබරගමු පළාතේ වැඩ ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු පත් කරයි

දකුණු හා සබරගමු පළාතේ වැඩ ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු පත් කර තිබෙනවා.

දකුණු පළාතේ වැඩ ආවරණය කිරීමට අනුයුක්ක කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් එෆ් යූ ප්‍රනාන්දු මහතා යි.

සබරගමුවේ වැඩ ආවරණය කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා පත් කර තිබෙනවා.

මෙම පත් කිරීම් සිදු කර ඇත්තේ ඔවුන් දැනට දරණ තනතුරු වලට අමතරවයි.

පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමෙන් පසු දකුනු හා සබරගමු පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති රවී විජ්ගුණවර්ධන මහතා කොළඹට ස්ථාන මාරු කලා.

ඉන් ඇති වු පුරප්පාඩුව සදහා නව පත් වීම් සිදු කර ඇත්තේ දින 23කට පසුවයි.

මේ අතර දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පරිහරණය කළ අවි ආයුධ සහිත සේප්පුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ දැඩි ආරක්ෂාවක් යටතේ එම යකඩ සේප්පුව ඊයේ මාතර මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ආ බවයි.

අදාල යකඩ සේප්පුවේ ටී 56 වර්ගයේ ගිනි අවි හා රිවෝල්වර 25 ක් පමණ වනවා.

මෙලෙස රහස් පොලීසිය භාරයට ගෙන ඇත්තේ රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර සිරුරු පුලූ‍ස්සාදැමූ බවට චෝදනා එල්ල වී තිබෙන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පරිහරණය කළ අවි ආයුධ සහිත සේප්පුව යි.


News Articles
Latest Videos
Most Popular Post