News Line| Off Air| Games
Generic placeholder image

Jun
6

දිනේෂ් තරංග උපන්දිනය සැමරුවේ මෙහෙමයි

575 Views


දිනේෂ් තරංග උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ගීතයෙන් ප්‍රේක්ෂක ආදරය නොමදව ලබාගත් ඔහු දිනෙෂ් තරංගයි.

පසුගිය කාලය පුරාවටම ලොකු කතාබහක් ඇතිවුණා නමුත් ඔහුට ‌හිමිවූ ප්‍රේක්ෂක ආදරයේ නම් කිසි අඩුවක් නෑ.

ඊයේ දිනෙෂ් සිය උපන්දිනය සැමරුවා. උපන්දින සාදයේ ඡායාරූප සමග ඔහු සිය සමාජ මාධ්‍යය ගිණුමට සටහනක්ද එක් කර තිබුණා.

ඡායාරූප හා සටහන පහතින් බලන්න,

“ආදරණීයව ගෙවුණු තවත් උපන්දිනයක් මගේ මතක පොතට එක් වෙන්නේ මෙහෙමයි…. මේ පුංචි රටේ මට හැබෑවටම ආදරේ කරන, මගේ සිංදුවක් අහලා සතුටුවෙන ඒත් මාව දෑහින් වත් නොදැකපු ගොඩක් දෙනා මට එක් කරපු සුභ ප්‍රාර්ථනාවන් එක්කලා… තවත් අලුත් අවුරුද්දක් පටන් ගත්තා!
මම අවංකවම වාසනාවන්තයෙක් කියන සිතුවිල්ලෙනුයි අද මේ සටහන ලියන්නේ….

ලංකාව වගේ රටක කලාකාරයෙක් වෙලා, කලාවට ආදරය කරන කෙනෙක් වෙලා, ඒ මම කරපු ආදරේ සහ කැපවීම නිසාම පෙරළා මහා පුදුමාකාර දේවල් ලැබෙන සුන්දර ජීවිතයක් මට ලබාදුන්න ඔයාලා හැමෝටම හදවතින්ම ස්තුතියි කියනවා… මං වෙනුවෙන් කරපු හැම ප්‍රාර්ථනාවට බොහොම පින්!!!

බලාපොරොත්තු ගොඩක් එක්කලා තවත් අවුරුද්දක් පටන් ගත්ත මං මගේ උපන් දිනය දවසේ හවස් වරුව ගත කළේ මෙහෙමයි….
“මේ හැම හිනාවක් පිටිපස්සෙම ඔයාලත් ඉන්න බව අමතක කරන්න එපා”
ඔයාල ආදරේ කරන, ඔයාලට ආදරේ කරන මම,
දිනේෂ් තරංග “


News Articles
Latest Videos
Most Popular Post