News Line| Off Air| Games
Generic placeholder image

Sep
9

නවක වදය ලබාදීමට සම්බන්ධ සිසුන් 19 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

502 Views


නවක වදය ලබාදීමට සම්බන්ධ සිසුන් 19 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

සිසුවෙකුට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනා මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 23 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට නවකවදය දුන් බවට චෝදනා එල්ල වූ මෙම සිසුන් 19 දෙනා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

නවකවදයට ලක්වූ බව කියන සිසුවා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් ද නිකුත් කර තිබූ අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් කැදවා ඒ පිළිබද තොරතුරු අනාවරණ කළා.


News Articles
Latest Videos
Most Popular Post