News Line| Off Air| Games
Generic placeholder image

Mar
8

නාලක සිල්වා ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

461 Views


නාලක සිල්වා ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය කලේ යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිඛෙනවා

ඒ එම නඩුව අද කොළඹ මහාධ්කරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ දී

සැකකාර නාලක සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර සිටින තම සේවාදායකයාගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීති විරෝධී බවයි.

එහෙත් විනිසුරු මංජුල තිලකරත්න මහතා පෙන්වා දුන්නේ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම සැකකරුගේ ඇප ප්‍රතික්ෂේප කිරීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7(2) වගන්තිය යටතේ සිදු කර ඇති බවයි.

එම වගන්තිය යටතේ සැකකරුවකු නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් භාරයේ තැබීමට මහෙස්ත්‍රාත්වරයාට බලයක් තිඛෙන බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ඔහු ගත් තීරණය දෝෂ සහගත නොවන බව ප්‍රකාශ කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ඇති බවට දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් ප්‍රථම වරට කරුණු අනාවරණය කලේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 12 වනදායි

ඊට අදාළ පරික්ෂණ මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගැණුනා


News Articles
Latest Videos
Most Popular Post