News Line| Off Air| Games
Generic placeholder image

Oct
9

නිදහස් පක්ෂයේ අවසන් තීරණය අද

360 Views


නිදහස් පක්ෂයේ අවසන් තීරණය අද

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දසාසිරි ජයසේකර මහතා සදහන් කළේ මාධ්‍ය හමුවක් කැදවා එය ප‍්‍රකාශයට පත් කරන බවයි.
පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේකෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පල කිරීමට තීරණය කර ඇති බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතර සාකච්ඡුාවක් ඊයේ රාත‍්‍රීයේ පැවැත්වුණා.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පිළිබඳ අවසන් තීන්දුව ගැනීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැවරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කලේ පසුගිය 05 වනදායි.


News Articles
Latest Videos
Most Popular Post