News Line| Off Air| Games
Generic placeholder image

Apr
4

නිදහස් පක්ෂය අය වැයට පක්ෂව ඡන්දය භාවිතා කරන්නේ නෑ – ශාන්ත බණ්ඩාර

396 Views


නිදහස් පක්ෂය අය වැයට පක්ෂව ඡන්දය භාවිතා කරන්නේ නෑ – ශාන්ත බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇය වැය සිථීර වශයෙන්ම අය වැයට පක්ෂව ඡන්දය භාවිත නොකරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා. අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කිරීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් තීන්දුව අද පැවැත්වෙන සාකච්ඡාවේ දී තීරණය කරන බව නිදහස් සන්ධාන මාධ්‍ය ප්‍රකාශක රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මෙම රැස්වීම ජනාධිපකි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ විලක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අය වැයට විරුද්ධව ඡන්දය භාවිත නොකරන්නේනම් ඔවුන් සමඟ පවත්වන සාකච්ඡාවලින් වහාම ඉවත්විය යුතු බව එකාබද්ධ විපක්ෂයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විපක්ෂනායකවරයාට දැනුම්දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post