News Line| Off Air| Games
Generic placeholder image

Oct
7

නියමිත කාලය අවසන් වෙද්දී 41 දෙනෙකුගෙන් 35 දෙනෙක් නාම යෝජනා භාරදෙයි

546 Views


නියමිත කාලය අවසන් වෙද්දී 41 දෙනෙකුගෙන් 35 දෙනෙක් නාම යෝජනා භාරදෙයි

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා 35ක් භාරදී ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා. නාමයෝජනා භාරදීමේ කාලවේලා මේ වන විට අවසන්ව තිබෙනවා. එමෙන්ම නාමයෝජනා සදහා විරෝධතා පල කිරීමේ කාලයත් මේ වන විට අවසන්ව තිබෙනවා.

මෙම නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද (07) පෙරවරුවේ මැතිවරණ කොමිසන් සභාවේදී ආරම්භ වී තිබුණා.

කෙසේවෙතත් ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කර සිටි සංඛ්‍යාව 41ක් වුණා.කුමාර වෙල්ගම මෙවර ජනාධිපතිවරණයේදී තරග නොකරන බවයි ඔහුගේ නීතිඥ රාජිත කොඩිතුවක්කු මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කර ඇත්තේ. චමල් රාජපක්ෂ ද නාමයෝජනා භාර දී නොමැති බවයි වාර්තා වුණේ.


News Articles
Latest Videos
Most Popular Post