News Line| Off Air| Games
Generic placeholder image

Sep
24

පවතින තද වැසි පිලිබදව රතු නිවේදනයක්

2085 Views


පවතින තද වැසි පිලිබදව රතු නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ‍නිවේදනය කරන්නේ දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
මෙම තත්ත්වය හෙට(25) රාත්‍රී කාලය දක්වා තවදුරටත් පවතිනු ඇතැයි වැඩිදුරටත් එම නිවේදනයේ දැක්වෙයි.
බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවත්, වයඹ, උතුර, ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවට කාලගුණ අංශ නිවේදනය කරයි.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකිය.
අද(24) උදෑසන 3.30 වන විට වැඩිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක ප්‍රදේ‍ශයෙන් මිලිමීටර් 219.1 ලෙස වාර්තා විය.
මේ අතර‍, දිවයිනට බස්නාහිර, දකුණු හා ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන්, එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70 – 80 ත් අතර ඉහළ යෑමට ඉඩ ඇති බැවින් මුහුදු ප්‍රදේශවල ක්ෂණික රළු වීමට ඉඩක් පවතියි. ධීවර හා නාවික ප්‍රජාවන්ට මේ පිළිබඳ අවධානයෙන් සිටින්‍නැයි කාලගුණ අංශ නිවේදනය කරයි. දිවයිනට වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ද, පුත්තලමේ සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශයේ තද වැසි ඇති වෙයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර, සුළංඟේ වේගය පැයට කිලෝ මීටර 30-40 ත් අතර වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ‍නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.


News Articles
Latest Videos
Most Popular Post