News Line| Off Air| Games
Generic placeholder image

Sep
11

පාකිස්තානු සංචාරය ගැන ඇමති හරින්ගෙන් පැහැදිලි කිරීමක්

2062 Views


පාකිස්තානු සංචාරය ගැන ඇමති හරින්ගෙන් පැහැදිලි කිරීමක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් පකිස්තාන තරග සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන්කළේ සිය ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින්.

පාකිස්තාන සංචාරය සඳහා සහභාගී නොවන ලෙස ඉන්දීය ක‍්‍රිකට් පරිපාලකයින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් හට බලපෑම් එල්ල කර ඇති බව පකිස්ථානයේ විද්‍යා සහා තාක්ෂණ අමාත්‍ය ෆවාඞ් හූසේන් චෞද්රි ඊයේ චෝදනා කලා.

ඔහු සිය ට්වීටර් ගිණුමේ සඳහන් කර තිබුණේ, ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලි සඳහා එම ක‍්‍රීඩකයින් සම්බන්ධ කර නොගන්නා බව පවසමින් මෙම බලපෑම එල්ලකර ඇති බවයි.

ශ‍්‍රී ලංකා කණාඩායමේ ජේ්‍යෂ්ඨ ක‍්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට සහභාගී නොවන බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම්දී තිබෙනවා.

එම ක‍්‍රීඩකයින් මේ බව දැනුම් දීමක් කළේ පසුගිය 09 වනදායි.

දිමුත් කරුණාරත්න / නිරෝෂන් දික්වැල්ල / කුසල් ජනිත් පෙරේරා / ධනංජය ද සිල්වා / තිසර පෙරේරා / අකිල ධනංජය / ලසිත් මාලිංග / ඇනජෙලෝ මැතිව්ස් / සුරංග ලක්මාල් සහ දිනේෂ් චන්දිමාල් පාකිස්තාක සංචාරය සඳහා සහභාගී නොවන බව දැනුම්දී තිබෙනවා.

වසර 10 කට පසු පූර්ණ තරගාවලියක් සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ මස අගදී පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි.

එක්දින තරග තුනක් / පන්දුවාර 20 යි 20 තරග තුනක් පැවැත්වෙන්නේ සැප්තැම්බර් 27 වනදා සිට ඔක්තෝම්බර් 9 වනදා දක්වායි.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post