News Line| Off Air| Games
Generic placeholder image

Apr
10

පාරිභෝජනයට නුසුදුසු ආහාරද්‍රව්‍ය සොයා පරීක්ෂණ

470 Views


පාරිභෝජනයට නුසුදුසු ආහාරද්‍රව්‍ය සොයා පරීක්ෂණ

උත්සව සමයේ පාරිභෝජනයට නුසුදුසු ආහාරද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැල් සෙයා අඛණ්ඩ මෙහෙයුම් සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සදහන් කලේ සියලුම ආහාර පරිහරණ හා නිශ්පාදන ආයතන මේ යටතේ පරීක්ෂා කරන බවයි. පිටකොටුව ප්‍රදේශයේ ඊයේ සිදු කල වැටලීම් වෙළෙඳසැල් 23 කට එරෙහිව නඩු පවරා තිබෙනවා.

කොළඹ මහ නගර සභාව විසින් මෙලෙස පරීක්ෂාවට ලක් කලේ පිටකොටුව මැ‚නින් වෙළෙඳපොළ , පස්වන හරස් වීදිය , හතරවන හරස් වීදීය සහ කොටුව බෝධිය අසල ඇති වෙළෙඳසැල් පෙළයි.

එහිදී මැ‚නින් වෙළෙඳපොළේ අලෙවියට තබා තිබූ පරිභෝජනයට නුසුදුසු කරවල සොයා ගෙන තිබෙනවා.

පස්වන හරස් වීදියේ වෙළෙඳසැල් පරීක්ෂා කිරිමේදී සොයා ගෙන තිබුනේ අලෙවියට සූදානම් කර තිබූ පරිභෝජනයට නුසුදුසු පලතුරු තොගයක්.


News Articles
Latest Videos
Most Popular Post