News Line| Off Air| Games
Generic placeholder image

Mar
28

පාසල්වලට ළමයින් ඇතුළත් කරගැනීමට නව චක්‍රලේඛයක්

964 Views


පාසල්වලට ළමයින් ඇතුළත් කරගැනීමට නව චක්‍රලේඛයක්

පාසල්වලට ළමයින් ඇතුළත් කරගැනීමේදී දරුවන් සහ දෙමවුපියන්හට මුහුණදීමට සිදුවන සියලු දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ළමයින් ඇතුළත්කරගැනීමේනව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාලික මහතා පැවසීය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඊයේ (27දා) පාරලිමේන්තුවේදී අමාත්‍යවරයා මේබව පවසා සිටියේය.

පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය වෙනස් කිරීම හේතුවෙන් පාසල අසලපදිංචිකරුවන්ට ළමයින් ඇතුළත් කිරීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවඇති බව එහිදී බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

මේ අවස්ථාවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් මෙලෙස සිය  අදහස් දැක්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල රත්නායක මහතා –පාසල්වලට ළමයින් ඇතුළත්කරගැනීමේදීනව චක්‍රෙල්ඛය අනුවපදිංචිකරුවන්ට ලැබෙන ලකුණු ප්‍රමාණය අඩුකරලා. 2020 චක්‍රෙල්ඛයෙන්වත්එය වෙනස්කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ආසන්න පදිංචිකරුවන්ට කලින් ලබාදුන් ලකුණු ප්‍රමණයම ලබාදෙන්න කටයුතු කරන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්නද ජයතිස්ස මහතා –ඉඩමේ ඔප්පු නැති අයට ඔප්පු ලබාගන්නකම්පාසල්වලටඇතුළත් කරගන්න ක්‍රමයක් නැද්ද?

ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා –දිර්ඝ කාලයක් පදිංචිවෙලා ඉන්න අයට ඔප්පුව නැති වුණත් පදිංචිය සැලකිල්ට අරගෙන පාසලට ඇතුළත් කරගන්න පුළුවන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා – මගේ ප්‍රදේශයේ සීයා, තාත්තාදෙදෙනාම ගිය පාසලට දරුවට යන්න අවස්ථාවක් දෙන්නනේ නැහැ. ඒකාලේ චක්‍රලේඛ තිබුණේ නැහැ. අලුත් චක්‍රලේඛ නිසා පාසල්ට ඇතුළත් කරගන්න බැරිවෙලා.

ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා –සියලුම කාරණා සැලකිල්ලට ගෙන චක්‍රලේඛෙවෙනස් කරන්නකටයුතුකරනවා.


News Articles
Latest Videos
Most Popular Post