News Line| Off Air| Games
Generic placeholder image

Oct
25

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද කාරක සභා වාර්තාවේ ඇතුලත් WhatsApp අනතුරු ඇගවීම්

880 Views


පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද  කාරක සභා වාර්තාවේ ඇතුලත්  WhatsApp  අනතුරු ඇගවීම්

පාස්කු ඉරිදා මෙරට කතෝලික දේවස්ථාන 03 ක් සහ කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් ත්‍රිත්වයක් ඉලක්ක කර ගනිමින් සිදු කරනු ලැබූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරන් පිළිබද විමර්ශනයට අදාල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අවසන් වාර්තාව පසුගිය බදාදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
එම වාර්තාවේ ප්‍රධාන වශයෙන් මෙම ප්‍රහාරයට බලපෑ හේතු වශයෙන් සදහන් කලේ රාජ්‍ය බුද්ධි අංශයේ ඇති අකාර්යක්ෂම භාවයයි. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එම කාරක සභාපති ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කලේ රාජ්‍ය බුද්ධි අංශයේ අඩුපාඩු, ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.

විශේෂයෙන්ම මෙම ප්‍රහාරයට අදාලව රාජ්‍ය බුද්ධි අංශයට වට්ස් ඇප් මාධ්‍ය ඔස්සේ ලැබුණු තොරතුරු එම වාර්තාවෙන් පැහැදිලිව සදහන් වෙනවා. පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවට අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳව ලැබී තිබෙන බුද්ධි තොරතුරු අනුව පළමු තොරතුරු අප්‍රේල් මස 4 වැනිදා
WhatsApp හරහා ප්‍රහාරය පිළිබඳව මුල් බුද්ධි තොරතුර ලද බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ඒ හා සමාන තොරතුරු 2019 අප්‍රේල් 05 වැනි දින ඔහුට ලිඛිතව ලැබී තිබෙන බවත් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් එම තොරතුර ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් වෙත යොමු කර තිබෙනවා.

ඊට පසු ඔහු විසින් අප්‍රේල් මස 8 වැනිදා ආරක්ෂක ලේකම් වන හේමසිරි ප්‍රනාන්දු වෙත දැනුම් දී තිබෙන අතර එදිනම සවස මේ පිළිබඳව පොලීසියට දැනුම්දෙන ලෙස නැවත ඔහුට උපදෙස් ලැබී ඇත. අප්‍රේල් 9 බුද්ධි තොරතුරැ සම්බන්ධීකරණ රැස්වීමක් පැවැත් වී ඇති අතර මිට ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් එදින සාකච්ඡාවට සහභාගි වී තිබෙන අතර නමුත් මේ තොරතුරු පිලිබදව විශේෂ අවධානයක් යොමු කර නැතැයි කාරක සභා වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.

එමෙන්ම ජාතික බුද්ධි අංශ ප්‍රධානියාට හැර කිසිදු අවස්ථාවක රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා මෙම ප්‍රහාරයේ බරපතල ස්වභාවය ගැන කිසිවෙකුත් දැනුවත් නොකළ බව පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවෙන් හෙළිව තිබෙනවා. අප්‍රේල් 9 වැනි දින සවස පොලිස්පතිට ලිඛිතව “අතිශය රහසිගතයි” යනුවෙන් සලකුණු කරන ලද ලිපියක් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් යොමු කරන ලද බවත් එහි මෙම මරාගෙන මැරෙන සහචරයන්ගේ නම්ද එහි අන්තර්ගත කර තිබෙනවා. ඉන් අනතුරුව පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, විශේෂ කාර්ය බලකාය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට යොමු කර තිබෙන අතර අප්‍රේල් 10 වැනි දින සහරාන් අත්අඩංගුවට ගන්න උපදෙස් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පවසා තිබේන අතර එදිනම සහරාන්ගේ ෆේස්බුක් පිටුව අවහිර කරන ද ඔහු ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 14,15,16 සහරාන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ත්‍රස්ත විමර්ශන නිලධාරීන් විසින් සිදු කර තිබෙනවා. අප්‍රේල් 15 වැනි දින සහාරන්ගේ ෆේස්බුක් අඩවිය අවහිර කර තිබෙන අතර අප්‍රේල් 17 වැනි දින කාතාන්කුඩි ප්‍රදේශයේ ඊට පෙර 16 දින සිදුවූ පිපිරීමක් ගැන රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු ලැබී තිබෙනවා. අප්‍රේල් 18 වැනි දින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා කාතාන්කුඩි ප්‍රදේශයේ එම පිපිරීම සහරාන් හෂීම් විසින් සිදුකරන ලද බවටත් එය පෙරහුරුවක් බවත් සඳහන් කරමින් විශේෂ වාර්තාවක් පොලිස්පතිට යවයි. අප්‍රේල් 19 වැනි දින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මෙම සිදුවීම ගැන ප්‍රථම වරට හමුදා බුද්ධි අංශ දැනුවත් කරයි. අප්‍රේල් 20 වැනි දින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට තම මූලාශ්‍රයකින් තවත් WhatsApp පණිවිඩයක්.
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා 20 වැනිදා සිය මූලාශ්‍රවලට ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් සහ ඔහුගේ සහචරයන් සූදානම් බවට දැනුම් දී තිබෙන අතර රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් මෙම පණිවිඩය ජාතික බුද්ධි අංශ ප්‍රධානියාට, පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන් බව කාරක සභා වාර්තාවෙන් හෙළිවේ.

වාර්තාවේ සදහන් වන අන්දමට අවසන් බුද්ධි තොරතුර ලැබී ඇත්තේ අප්‍රේල් 21 වැනි දින උදෑසන 8.27ට පමණයි. රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධනට පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය පිළිබඳව ඔහුගේ මූලාශ්‍රයකින් ලැබී තිබෙන අවසන් බුද්ධි තොරතුර ලැබුණු විගස එම තොරතුර උදෑසන 8.32 වන විට පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසකට දැනුම්දුන් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post