News Line| Off Air| Games
Generic placeholder image

Oct
23

පාස්කු ප්‍රහාරය පිළිබද විමසීම් කල විශේෂ කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට

410 Views


පාස්කු ප්‍රහාරය පිළිබද විමසීම් කල විශේෂ කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට

පාස්කු ඉරිදා දිවයිනේ ප්‍රධාන දේවස්ථාන ත්‍රිත්වයක් සහ ප්‍රධාන පෙලේ හෝටල් කිහිපයක් ඉල්ලක කර ගනිමින් එල්ල කල ඉස්ලාමිය අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය පිලිබදව සොයා බැලීමට පත් කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම ප්‍රහාරය පිලිබදව විමර්ශනයට අදාලව ජනාධිපති සහ අගමැති ඇතුළුව 60 කට අධික පිරිසකගේ සාක්ෂි කරුණු සටහන් කර ගනු ලැබූ අතර මෙම කාරක සභා වාර්තාව පිටු 200 කින් සමන්විත වන අතර විශේෂයෙන්ම මෙවැනි සිදුවීමක් සිදු වීමට සිදු වූ අතපසුවීම්, දුර්වලතා අඩුපාඩුකම් විමර්ශන වාර්තා වල සදහන් අතර මෙවැනි සිද්ධියක් යළි ඇති නොවීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් මෙහි නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post