News Line| Off Air| Games
Generic placeholder image

Mar
14

පැඟිරිවත්තේ සුද්දා ලබන 27 වනදා දක්වා රිමාන්ඩ්

438 Views


පැඟිරිවත්තේ සුද්දා ලබන 27 වනදා දක්වා රිමාන්ඩ්

වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නොහොත් පැඟිරිවත්තේ සුද්දා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කලා

එම සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත්කල අවස්ථාවේ දීයි.

පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේදී සිදුවූ දියමන්ති හා මැණික් කොල්ලය සම්බන්ධයෙන් සැකපිට ඊයේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ් දෙල්කඳ ප්‍රදේශයේ කළ වැටලීමකදීයි.

වැඩිදුර විමර්ශන කටයුතු වලදී අනාවරණය කරගත් කරුණු අනුව දියමන්තිය හා මැ‚ක් කොල්ලය සඳහා භාවිත කළ මෝටර් රථය පිළියන්දල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

සැකකරු මාකදුරේ මධුෂ් නැමැති අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධාන ගෝලයෙක්.

ඔහු මධූෂ්ගේ පියාගේ අවමගුල් උත්සවයට උපකාර කළ බවට හෙළි වී තිබෙනවා.

පියාගේ අවමංගුල් උත්සවය වෙනුවෙන් මධුෂ් එවන ලද මුදල් වියදම් කිරීම, මධුෂ්ගේ ගෝලයන්ට රැකවරණය ලබාදීම ආදී කටයුතු මෙම සැකකරු විසින් සිදුකර ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය ඇතැයි පොලීසිය සඳහන් කලා.

කැලූ‍ම් ඉන්දික නොහොත් කැවුමා නැමැති සංවිධානාත්මක අපරාධකරු රැදී සිටි බව කියන මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවසේ තිබී සී ඩී තැටියක් සොයා ගත්තේ පසුගිය දොලොස් වනදායි

මාකදුරේ මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ දර්ශන එම සී ඩී තැටියේ අන්තර්ගත වී තිබුණා

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඇතුලූ 31 දෙනෙකු කොකේන් තොගයක් සමග ඩුබායි හී පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයක පැවති සාදයක් අතරතුර එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ පසුගිය මස 5 වනදායි


News Articles
Latest Videos
Most Popular Post