News Line| Off Air| Games
Generic placeholder image

Oct
21

පුදුකුඩිඉරිප්පු කිතුණු දේවස්ථානයක් අසලින් එල්.ටී.ටී.ඊ ඇඳුම් තොගයක් සොයා ගනී

558 Views


පුදුකුඩිඉරිප්පු කිතුණු දේවස්ථානයක් අසලින් එල්.ටී.ටී.ඊ ඇඳුම් තොගයක් සොයා ගනී

මුලතිව්,පුදුකුඩිඉරිප්පු,ඉරනපලෙයි ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ හමුදා ඇදුම්, ප්‍රභාකරන්ගේ ඡායාරූප, එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් සහිත වීඩියෝ පට ඇතුළු උපකරණ තොගයක් සොයා ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඉරනපලෙයි අද (21) උදෑසන කිතුණු දේවස්ථානයේ තාප්පය ඉදිකිරීම වෙනුවෙන් පාදම සකස් කිරීමට පස් කැපීමේදී මෙම භාණ්ඩ බහා තිබු පෙට්ටියක් හමු වු බවයි.

සොයාගත් පෙට්ටිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය ගොස් පරීක්ෂා කිරීමේදී මෙම භාණ්ඩ හමු වි ඇති බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කොට අධිකරණ නියෝග යටතේ අදාළ ස්ථානය සම්බන්ධයෙන් තවදුරටත් කැනීම් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post