News Line| Off Air| Games
Generic placeholder image

Sep
19

පොහොට්ටුවේ ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සුදානම් කෙරේ

415 Views


පොහොට්ටුවේ ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සුදානම් කෙරේ

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමත් සමග පොදු ජන පෙරමුණේ ජනපතිවරණ සංවිධාන සහ ප‍්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ රාති‍්‍රයේ එම පක්‍ෂ කාර්යාලයේදී පැවැත්වුණ අතර එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ යන දෙදෙනාම සහභාගි වන ජනරැළි 8 ක් තෝරාගත් දිස්ති‍්‍රක්ක 4 කදී පැවැත්වීමට සුදානම් කර තිබෙනවා. විශේෂයෙන් සෑම මැතිවරණ කොට්ඨාසයකම එම දෙදෙනාගෙන් එක් අයෙකු සහභාගි වන ජන රැළිය බැගින් සංවිධාන කිරීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

එමෙන්ම ප්‍රචාරක කටයුතු දියුණු නොමැති 05 කට දිස්ත්‍රික්ක වෙන වෙනම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස් දෙනෙක් පත් කර තිබෙනවා. එම සියලු දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කටයුතු අධීක්‍ෂණය සදහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා පත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post