News Line| Off Air| Games
Generic placeholder image

Oct
16

බැසිල්ගේ නඩුව කල් යයි

715 Views


බැසිල්ගේ නඩුව කල් යයි

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතරදෙනකුට එරෙහිව රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනුකළ නඩුවේ විභාගය නොවැම්බර් මස 07 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත. ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 2991 ක මුදලක් දිවිනැගුම ආධාර ලාභීන්ට නිවාස ආධාර වශයෙන් ලබා දීම මගින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ මෙම නඩුව අද (16) කැඳවනු ලැබුවේය. එහිදී විනිසුරුවරයා සඳහන් කළේ නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 07 වනදා දක්වා කල් තබන බවයි.ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 2992 ක මුදලක් දිවිනැගුම ආධාර ලාභීන්ට නිවාස ආධාර වශයෙන් ලබා දීම මගින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දූල තිලකසිරි යන අයට චෝදනා කර තිබේ.

 


News Articles
Latest Videos
Most Popular Post