News Line| Off Air| Games
Generic placeholder image

Apr
25

බුද්ධි අංශ නිලදාරීන්ට සමාව දෙන්න අස්ගිරි පාර්ශ්වය කියයි

1172 Views


බුද්ධි අංශ නිලදාරීන්ට සමාව දෙන්න අස්ගිරි පාර්ශ්වය කියයි

රටේ පවතින තත්වය හා ජාතික ආරක්ෂාව සලකා බුද්ධි අංශ නිලදාරීන්ට පොදු සමාවක් දීමට කටයුතු කල යුතු බව අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව පවසා තිබෙනවා එමෙන්ම සංඝ සභාව පවසන්නේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට එරෙහිව එම පිරිස සිදු කළ ජාතික මෙහෙවර සුළු පටු නොවන බවය. වර්තමානයේ මෙම ආගමික අන්තවාදයන් ව්‍යාප්ත වීමට මූලිකව බලපෑ කරුනක් ලෙස පලපුරුදු බුද්ධි අංශ නිලදාරීන් සිරගත කිරීම ප්‍රකට කරුණක් බව සංඝ සභාව පවසා සිටිනවා.
මාවනැල්ලේ බුදු පිළිම වැනසු අවි ආයුධ ගත් ආගමික ත‍්‍රස්තවාදීන් කිසිදු විභාගයකින් තොරව නිදහස් කිරීමට දේශපාලඥයින් ක‍්‍රියාකර ඇති බවට දැනගන්නට ඇති බවයි අස්ගිරි පාර්ශ්වය පවසා තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post