News Line| Off Air| Games
Generic placeholder image

Mar
28

මං කරපු විදිහට කරා නම් විදුලි අහේනියක් නෑ – චන්ද්‍රිකා

622 Views


මං කරපු විදිහට කරා නම් විදුලි අහේනියක් නෑ – චන්ද්‍රිකා

තම රජය සමයේ නොරොච්චෝලය ඉදි කිරීම සඳහා බාර දුන් චීන ආයතනයට ලබා දුන්නේ නම් මෙවැනි ආකාරයට රට තුළ විදුලි අහේනියක් සිදු නොවන බව හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රකාශ කරනවා.

ඊයේ(27) ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එතුමිය මෙ ආකාරයෙන් සඳහන් කළාය.

රට තුළ ඇති විදුලි බලාගාර ගණනාවක් තම රජය සමයේ ආරම්භ කළ ඒවා බව හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය පැවසීය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේදී කිසිදු නව විදුලි බලාගාරයක් ඉදි නොකළ බවත් නොරොච්චෝල විදුලි බලාගාරය තුට්ටු දෙකේ චීන ආයතනයකට ලබා දී විනාශ කළ බවත් එතුමිය පෙන්වා දෙයි.

නොරොච්චෝලය පසුගිය කාලය තුළ 38 වතාවක් බිඳ වැටී ඇති අතර 7 වතාවක් ගිනි ගෙන ඇති බව සඳහන් කරන හිටපු ජනාධිපතිනිය, නොරොච්චෝලේ විදුලි බලාගාරය රාජපක්ෂ යුගයේදී විනාශ කළ බව හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය සඳහන් කළාය.

විදුලි අර්බුදයට මේ රජයේද වැරද්දක් ඇති බව හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය වැඩිදුරටත් පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post