News Line| Off Air| Games
Generic placeholder image

Mar
15

මගේ දරුවට ටියුෂන් වෙනුවෙන් රු 65000ක් යනවා

994 Views


මගේ දරුවට ටියුෂන් වෙනුවෙන් රු 65000ක් යනවා

තම දරුවාගේ මාසික අමතර පංති වෙනුවෙන් රුපියල් 65000ක පමණ මුදලක් වැය වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාද අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මේ වන විට දරුවන්ට උදේට පාසල් යෑමටත් හවසට ටියුෂන් යෑමටත් සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වය 1977 විවෘත ආර්ථිකයත් සමග පැමිණ දෙයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

තමන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 193ක් ලබාගත් නමුත් එකඳු අමතර පංතියකට හෝ එක්ව නෙමැති බව සඳහන් කළේය.

ටියුෂන් ගැටලුව විසඳුමක් අවශ්‍ය  බවත් හැකිනම් එම ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයට  බඳවා ගන්නා ලෙසත් ඔහු ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post