News Line| Off Air| Games
Generic placeholder image

Apr
2

මදුෂ් සමගින් අත්අඩංගුවේ සිටි තව දෙදෙනෙක් ලංකාවට

643 Views


මදුෂ් සමගින් අත්අඩංගුවේ සිටි තව දෙදෙනෙක් ලංකාවට

පසුගිය පෙබරවාරි 5 වෙනිදා මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහි දී අත්අඩංගුවට පත් වූ තවත් දෙදෙනෙකු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ ඔවුන් අද අලුයම 04.55ට පමණ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ යු එල් 226 දරණ යානයෙන් මොවුන් දිවයිනට පැමිණ ඇති බවයි.

මෙලෙස පැමිණ ඇත්තේ මොහොමඞ් සියාම් නැමැති 48 හැවිරිදි පුද්ගලයෙකු සහ ලංකා සජිත පෙරේරා නමැති 40 හැවිරිදි පුද්ගලයෙකුයි.ඔවුන් මේ වනවිට ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ රඳවාගෙන ප‍්‍රශ්න කිරීම් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් පවසා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post