News Line| Off Air| Games
Generic placeholder image

Mar
28

මධූෂ් ඇතුළු පිරිස අද ඩුබායි අධිකරණයට?

555 Views


මධූෂ් ඇතුළු පිරිස අද ඩුබායි අධිකරණයට?

ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ මෙරට ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අද (28දා) ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් ඔවුන් අද දිනයෙදී අධිකරණයට ඉදිරිපත් කිරිම  පිළිබඳව තීරණය ඩුබායි පොලීසිය විසින් අද දිනයේදි ගැනිමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ මෙන් සැකකරුවන් අධිකරණයට සෘජුව ඉදිරිපත් කිරිමක් ඩුබායි සිදු නොවන අතර සිදුවන්නේ අදාල සිදුවීම පිළිබඳව කරන පරීකෂණයන්හි වාර්තා මාර්ගතව (Online) ඩුබායි පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරිමයි.

මේ අතර ඔවුන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලට අදාළ වාර්තා කිහිපයක්ම අද දිනයේදි අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ..

මෙම පිරිස සමග අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පි අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්ධික වෙල්ලපීලී මහතාගේ අද කළ විසුමකට පිළිතුරු දුන් ඔහු සඳහන් කළේ අද දිනයේදී අමල් පෙරේරා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

පසුගිය පෙබරවාරි 28දා මොවුන් අධිකරණය ඉදිරිපත් කළ අතර නැවතත් මාසයක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඩුබායි අධිකරණයට කටයුතු කළේය.


News Articles
Latest Videos
Most Popular Post