News Line| Off Air| Games
Generic placeholder image

Mar
30

මන්නාරම තෙල් හා ඛණිජ තෙල් ඇති බව තහවුරු වෙයි

1391 Views


මන්නාරම තෙල් හා ඛණිජ තෙල් ඇති බව තහවුරු වෙයි

මන්නාරම තෙල් ගවේෂණ සාර්ථ වී ඇති බවත් එහි ස්වාභාවික වායු හා ඛනිජ තෙල ඇති බවට සාර්ථක වී ඇති බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

ඊයේ පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව හෙළි කළේය.

“ දැනට ශ්‍රී ලංකාවේ මන්නාරම අක්වෙරළ ද්‍රෝණියේ ස්වාභාවික වායු නිධි දෙකක් සොයාගෙන ඇති අතර සමීක්ෂණ හා අධ්‍යන වාර්තා අනුව මන්නාරම ද්‍රෝණියේ ස්වාභාවික වායු ඝන අඩි ට්‍රිලියන 9කට ආසන්න නිධි හා බැරල් බිලියන දෙකක් පමණ ඉක්ම වූ තෙල් නිධි දෙකක් සහිතව මන්නාරම ද්‍රෝණියේ සක්‍රිය ඛණිජ තෙල් පද්ධතියක් පවත්නා බව සනාථ කර ඇත.

දැනට සොයාගෙන ඇති නිධි දෙකෙන් කුඩා නිධියක් වන ද්‍රොනාඩෝ මගින් ඝන අඩි බිලියන 350ක ස්වාභාවික වායු  ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි බව තක්සේරු කර ඇත.

ඉන් මෙගාවොට් 300ක් පමණ වන ධාරිතාවක් ඇති විදුලි බලගාරයක් නොනවත්වා වසර 10ක් පමණ කාලයක් ක්‍රියා කළ හැක.

දෙවන ස්වාභාවික වායු නිධියේ ඝන අඩි බිලියන 1000ක් පමණ ස්වාභාවික වායු නිධි පවතින බවට තහවුරු වි තිබේ.”

මේ සඳහා ලන්සු කැඳවීම මැයි මස අවසන් කරන බවත් ඒ සඳහා ආයතන 12ක් පමණ ඉදිරිපත්ව ඇති බවත්, 2020 වසරේදි නිශ්පාදන බෙදා ගැනීමේ හා ළිං කැණීම් කටයුතු කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙයින් ලබා ගන්නා වායු මුලින්ම විදුලි නිශ්පාදනයටත් පසුව ඒවා ප්‍රවාහන හා ගෘහ භාවිතයට යොදා ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

2023-25 වන විට ස්වාභාවික වායු ගවේෂණය සිදුකළ හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post