News Line| Off Air| Games
Generic placeholder image

Apr
2

මන්නාරම සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට

571 Views


මන්නාරම සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට

මන්නාරම සහකාර පොලිස් අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවෙන් පැහරගෙන ගොස් වද හිංසා කර අතුරුදහන් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්
එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මන්නාරම සහකාර පොලිස් අධිකාරිවරයා ඊයේ කැඳවා තිබුණා.

ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කලේ .

පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබියදී මෙලෙස අතුරුදන් වී ඇත්තේ සුනන්ද කන්ඩම්බි නැමැති පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

එම පුද්ගලයා 2008 වර්ෂයේ දෙසැම්බර් මස 31 වෙනිදා පිලියන්දල පොලිසියේ අත්අඩංගුවේ සිටියදී පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති බවට මෙම පොලිස් නිලධාරියාට චෝදනා එල්ලවී තිබෙනවා. එම කාලයේ ඔහු සේවය කර ඇත්තේ පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post