News Line| Off Air| Games
Generic placeholder image

Oct
29

මම මුලින්ම රගපෑවේ රාමායණයේ වානර හමුදාවේ වදුරෙකුට – ෂාරුක් ඛාන්

832 Views


මම මුලින්ම රගපෑවේ රාමායණයේ වානර හමුදාවේ වදුරෙකුට –  ෂාරුක් ඛාන්

ඇමරිකානු NBC රූපවාහිනියෙන් වසර තිහක් පුරාවට late night with david letterman වැඩසටහන කළ කළ david letterman ඊට සමුදී මේ වන විට my next guest needs no introduction with david letterman සාකච්ඡාමය වැඩසටහන netflflix උදෙසා ඉදිරිපත් කරනු ලබනවා. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු, ප්‍රහසනාත්මක සන්නිවේදකයකු, පිටපත් රචකයකු, නිෂ්පාදකවරයෙකු වන ඩේවිඩ් වයස 72 ඉක්ම වූවද තවමත් සිය වෘත්තියෙහි යෙදෙන්නෙක්.ඔහුගේ my next guest වැඩසටහනේ විශේෂ නිෂ්පාදනයක් netflix චිත්‍රපටයක් ලෙස ඔක්තෝබර් 25 වනදා නිකුත් වුණා. ඒ සිදුකළේ ෂාරුක් ඛාන් සමගින්. මේ සටහන ඒ ඇසුරින්.

මිලියන 3.5 ක ජනතාව ලෝක ජනගහනයෙන් 43%ක් ඔබේ ෆෑන්ස්ලා හරිද ගාන ?

ඔව් TIME magazine එකට අනුව එහෙමලු… සහ කියලා තිබ්බා මං බොලිවුඩ්වල tom cruise කියලා. ඉතිං ලෝකයේ ඕනෙම රටකදී “උඹ මොන වගේ නළුවෙක්ද?” කියල ඇහුවොත් මං කියන්නේ මං තමා ඉන්දියාවේ tom කියලා.. ඒ වගේම උඹට කොච්චර fans ලා ඉන්නවද කියල අහන ප්‍රශ්නෙටත් මට දැං උත්තරයක් දෙන්න පුලුවන් කෙලින්ම TIME magazine එක පෙන්නලා කියනවා මෙන්න 3.5 billion කියලා..

එකේ ඇත්ත නැත්ත කොහොමද දන්නෙ නෑ .. කොහොමත් අපි වෙනම මහද්වීපයක වෙනම මහා රටක ජනතාව.. සහ අපි සෑහෙන ඉක්මනට බෝවෙන ජාතියක්.. ඉතිං පුදුමෙකුත් නෑ ඔය ගාණ ගැන..

ඇයි රඟපාන්න හිතුණේ ?

මම පොඩිකාලේ වීදි වේදිකා නාට්‍යයක පරීක්ෂණයකට ගියා.. ගිය හේතුව එකේ නිලියො හැටියට කෙල්ලෝ හිටිය 90ක්.. නළුවෝ හිටියෙ 10යි.. රඟපාන්න ආවේ ඒ විනෝදෙට. ඒත් මගේ පළමු රඟපෑම වුණේ රාමායනේ වානර හමුදාවේ වඳුරෙකුගේ චරිතයක්!

ළමයි ගැන කතා කරමු.. දැන් එයාල ලොකුයි.. කොලේජ් යනවා නේ ?

ඔහු මගේ පුතා LA වල ඉන්නේ. ඔහු ෆිල්ම්ස් හදන හැටි ඉගෙන ගන්නවා. අවුරුදු විසි එකක් දැන්. දුවට දැන් දහනවයයි ඉගෙන ගන්නේ NYU එකේ.. ඇත්තටම මේක කියන්න ඕනේ.. චිත්‍රපටි හදන හැටි ඉගෙන ගන්නවා මිසක් මගේ පුතාට රඟපාන්න කැමැත්තක් නෑ.මං හිතන්නෙ එයාට රඟපාන්න බෑ .. ඒත් ඉතින් ඉන්දියාවේ “උඹේ තාත්තා නළුවෙක් නම් උඹත් නළුවෙක් වෙන්න ඕනේ ” .. ඒ වගේ කතාවක් තියෙනවා. මගේ පුතා කඩවසම්.. උසයි.. රඟපාන්න හොඳයි..ඒත් මං හිතන්නේ නෑ ඒක එහෙම වෙයි කියලා. සහ මට හිතෙන්නෙ එයා එයාව අඳුනගෙන ඉන්නේ.. එයාට හොඳට ලියන්න පුළුවන්..
මං ඇත්තටම මගේ පුතා ගෙන් ම තමා පුතාව අඳුනගත්තේ.. එයා වතාවක් මට ඇවිත් කියනවා.. ” තාත්තේ ..මං හිතන්නේ මට රඟපාන්න ඕනි නෑ කියලා..” ඇත්තටම එයා එහෙම කියන්න හේතුව හරිම ප්‍රායෝගික සහ අවංක ඇත්තක්..
“මං රඟපෑවොත්” එයා කියනවා.. “මාව ඔයත් එක්ක සංසන්දනය කරනවා.. මං හොඳට රඟපෑවොත් මිනිස්සු කියාවි.. ඔහුට ඇයි රඟපාන්න බැරි ? එයා ෂාරුක්ගේ පුතානෙ.. එයාගේ ලේ වලත් රඟපෑම තියෙනවනෙ! කියලා.. මං හරියට රඟපෑවේ නැත්තං මිනිස්සු කියයි.. බලන්නකෝ මෙයා රඟපාන හැටි ? තාත්තා කරපු ඒවයින් සීයට එකක්වත් නෑනෙ මෙයාට..! මොකක්ද මේ කරන්නේ ? මේ රඟපානවායැයි ? කියලා.. මට එතනට එන්න ඕනේ නෑ” කියලා තමා එයා කියන්නෙ..!


News Articles
Latest Videos
Most Popular Post