News Line| Off Air| Games
Generic placeholder image

Sep
23

මවක් සහ දැරියක් පැහැරගෙන යෑමට සැලසුම් කළ සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය අල්ලයි

923 Views


මවක් සහ දැරියක් පැහැරගෙන යෑමට සැලසුම් කළ සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය අල්ලයි

කලූතර නාගොඩ ප‍්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන දැරියක් සහ ඇගේ මව පැහැරගෙන ගොස් මුදල් ලබා ගැනීමට සැලසුම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩංගොඩ පොලිසියට ලද පැමිණිල්ලක් මත සිදුකල විමර්ශනයකදීයි. අදාළ දැරිය 8 හැවිරිදි වියේ පසුවනවා.
විමර්ශන වලදී හෙළි වී ඇත්තේ ඇය මීට වසර දෙකකට පෙර පැවති ත්‍යාග ප‍්‍රදානෝත්සවයක දී සහතික සහ ත්‍යාග විශාල ප‍්‍රමාණයක් ලබා ගැනීම පිලිබද ඇති වු වෛරයක ප‍්‍රතිඵලයක් ලෙස පැහැර ගැනීම සැලසුම් කර ඇති බවයි.
සැකකරුවන් දොඩංගොඩ සහ කලූතර දකුණ ප‍්‍රදේශ වල පදිංචි පුද්ගලයින් වන අතර ඔවුන් 25 සහ 40 හැවිරිදි වියේ පසු වනවා.
ඔවුන් සතුව තිබී පොලිස් නිළ ඇදුම් කොටස් / වායු රයිෆලයක් / වෙඩි බෙහෙත් /කඩුවක් සහ තවත් තියුණු ආයුධයක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post