News Line| Off Air| Games
Generic placeholder image

Oct
1

මහත්මා ගාන්ධිගේ 150වන ජන්ම දිනයට ජනපති පුෂ්පෝපහාර දක්වයි

497 Views


මහත්මා ගාන්ධිගේ 150වන ජන්ම දිනයට ජනපති පුෂ්පෝපහාර දක්වයි

ඉන්දිය නිදහස් සටනේ පුරෝගාමියා ලෙසත්, අවිහිංසාවාදයේ පියා ලෙසත් ලොව පුරා ප්‍රසිද්ධියට පත් මහත්මා ගාන්ධිතුමාගේ 150වන ජන්ම දිනය නිමිති කර ගනිමින් සංවිධාන කළ විශේෂ සැමරුම් උලෙළක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

මහත්මා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රයට මල් දමක් පලඳවා පුෂ්පෝපහාර දැක්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.

අනතුරුව ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා විසින් ද ජනාධිපතිතුමා අනුගමනය කරමින් මහත්මා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රය වෙත මල්දමක් පළදවා ගෞරව දක්වනු ලැබුවා.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ඇතුළු ශ්‍රී ලංකා සහ ඉන්දීය සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මහත්මා ගාන්ධිතුමාගේ 150වන ජන්ම දිනය හෙටට (ඔක්තෝබර් 02) යෙදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post