News Line| Off Air| Games
Generic placeholder image

Sep
23

මහ වැස්සක් ගැන කාළගුණයෙන් අනතුරු අගවයි

1669 Views


මහ වැස්සක් ගැන කාළගුණයෙන් අනතුරු අගවයි

ඉදිරි පැය 24 ක කාලය තුළ දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 200 ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාවලටද මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය අනිද්දා දක්වා තවදුරටත් පවතිනු ඇති අතර නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් ගං වතුර මට්ටමට ඉතා ආසන්න බැවින් ඒ අවට සිටින ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ල සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post