News Line| Off Air| Games
Generic placeholder image

Mar
14

මාකඳුරේ මධූෂ් ‌‌වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවක්

401 Views


මාකඳුරේ මධූෂ් ‌‌වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවක්

දැනට ඩුබායි අත්අඩංගුවේ පසුවෙන මාකඳුරේ මධූෂ් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෙනු කිරීමට ඔහුගේ පුංචි අම්මා කටයුතු කර තිබේ.

ඩුබායි අත්අඩංගුවේ  පසුවන මධූෂ්ව ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ඒමේ සූදානම් ඇති බවත් එසේ කළ හොත් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත් සඳහන් කරමින් මෙම නඩුව ගොනු  කර ඇත්තේ සූරියවැව පදිංචිකාරිනියකි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙණ නිළධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිපති, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ ස්ථානාධිපති, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post