News Line| Off Air| Games
Generic placeholder image

Mar
7

මැතිසබයේ මාධ්‍යවේදීන්ටත් අසාධාරණයක්

506 Views


මැතිසබයේ මාධ්‍යවේදීන්ටත් අසාධාරණයක්

පාර්ලිමේන්තුව ආවරණය කරන මාධ්‍යවේදීන් ගේ මාධ්‍යවේදීන් ගේ පහසුව සදහා වසර තිස් දෙකකට වැඩි කාලයක සිට වෙන්කරනු විවේක කාමර 2 මෙවර අය-වැය සමඟ ඔවුන්ට අහිමි කර ඇති බවට අපට වාර්තා වුණා.

මෙම කාමර දෙකට පාර්ලිමේන්තු නිලධාීන් පිරිසක් ඉකු දා හිටි හැටියේම ඉබි යතුරු දමා එහි තිබූ උපකරණ ද රැගෙන ගොස් තිබුණා. මේ හේතුව නිසා පාර්ලිමේන්තු ව ආවරණය කරන මාධ්‍යවේදීන් දැඩි සේ අපහසුතාවයට පත්ව තිබෙනවා.

මෙම විවේක කාමර 2 වසර තිස් දෙකකට වැඩි කාලයක් සිට සිටි මාධ්‍යවේදීන් වෙනුවෙන් ම වෙනුවෙන්ම වෙන් කොට තිබුණා.ඒ පාර්ලිමේන්තුව පිහිටු වූ අවස්ථාවේදීම හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ උපදෙස් මතයි.

පාර්ලිමේන්තු නිලධාරීන් මේ ආකාරයට මාධ්‍යවේදීන්ගේ කාමර දෙකට ඉබි යතුරු දමා ඇත්තේ ලගදි විශ්‍රාම යාමට නියමිත පාර්ලිමේන්තු සේවකයෙකු මාධ්‍ය අධ්‍යක්ෂ තනතුරට පත්කර මාධ්‍ය පාලනය ඇති කිරීමේ ව්‍යාපෘතියක මූලික පියවරක් වශයෙන් බවට තොරතුරු වාර්තා වෙනවා.

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ පහසුකම් අහිමි කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු මාධ්‍ය සංවිධාන කිහිපයක් කතානායකවරයාට කථානායකවරයාට දැනටමත් විරෝධය පළකර තිබෙනවා. ඒ පිළිබඳ විරෝධය පළ කරමින් පළකරමින් කතානායකවරයාට කථානායකවරයාට ඊයේ දිනයේ දී  ලිපියක් ද එම සංවිධාන භාරදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post