News Line| Off Air| Games
Generic placeholder image

Apr
23

මෑත ඉතිහාසයේ ආසියාවේ දරුණුම ත්‍රස්ත ප්‍රහාරය පාස්කු ඉරිදා ප්‍රහාරයයි

1278 Views


මෑත ඉතිහාසයේ ආසියාවේ දරුණුම ත්‍රස්ත ප්‍රහාරය පාස්කු ඉරිදා ප්‍රහාරයයි

ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මෑත යුගයේ ආසියාකරයෙන් වාර්තා වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය බව රොයිටර් විශ්ලේෂණයක් තුලින් පෙන්වා දී තිබෙනවා.

ඔවුන් පවසන ආකාරයට ඉන්දුනීසියාවේ බාලි දිවයිනට සහ ඉන්දියාවේ මුම්බායි පුරවරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලට වඩා වැඩි හානියකින් සිදුව ඇති බවයි එමගින් සදහන් කර ඇත්තේ. 2002 වසරේ ඉන්දුනීසියාවේ බාලි දිවයිනට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 202 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 2008 වසරේ ඉන්දියාවේ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 170 ක්. ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයෙන් මේ වනවිට 310 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 500 කට අධිකයි.


News Articles
Latest Videos
Most Popular Post